ශ‍්‍රී ලංකාව 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදී ඇත්නම් ජනතාව නොමග නොයවා ඊට සම්බන්ධ පුද්ගලයින් හෙළි කරන්නැයි හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ හට ලසිත් මාලිංග, අභියෝගයක් එල්ල කරනවා.

එවැනි තරග පාවාදීමක් සිදුව ඇත්නම් රජය වහාම නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව ද ඔහු මෙහිදී සඳහන් කළා. 

මේ අතර එවක හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප‍්‍රනාන්දු ද ට්විටර් සටහනක් තබමින් අදහස් පළ කර තිබෙනවා. 

ඔහු එහි සඳහන් කර ඇත්තේ හිටපු කී‍්‍රඩා අමාත්‍යවරයා සිදුකළ යුත්තේ සනාථ නොකළ චෝදනා නගමින් සිටිනවාට වඩා අදාළ සිදුවීම පිළිබඳ තමන් සතුව ඇති සාක්ෂි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයට ඉදිරිපත් කිරීම බවයි. 

මේ අතර හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල ද අදහස් පළ කළා.

මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබඳ කී‍්‍රඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් ද මේවනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.