ලබන සතියේ සිට බස්රථ සදහා පෙර ගෙවුම් ක‍්‍රමයක් හදුන්වාදෙන බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න ද මෙම පෙරගෙවුම් ක‍්‍රමය සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

ඔහු පැවසුවේ පෙර ගෙවුම් ක‍්‍රමය සමග බස්රථ මගින් ප‍්‍රවාහනය කෙරෙන මගීන් ගණන අනුව නොව ධාවනය කරන දුර අනුව බස් රථවලට ගෙවීම් කරන ක‍්‍රමයක්ද සකස් විය යුතු බවයි.