කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ම තමිල්නාඩුවේ චෙන්නායි නගරය සහ තවත් දිස්ත්‍රික්ක තුනක එදිනෙදා කටයුතු වසා දැමීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබේ.

එම වසා දැමීම දින 12ක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම කාලයේදී අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑමට සහ කුඩා කඩ විවෘතව තැබීමට අවසර දී ඇත.  

තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි සිව්වැනි විශාල ම නගරය වන්නේ චෙන්නායි නගරයයි. 

එහි මේවන විට කොරෝනා ආසාදිතයින් 37,000ක් හඳුනාගෙන ඇති අතර තමිල්නාඩු ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් 50,000ක් හමු වී තිබේ. 

වාර්තා වී ඇති මරණ ගණන 600කි.