එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදයෙන් සිදුවන්නේ මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු වීම බව ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නිමල් ලන්සා මහතා පවසයි.

පෑලියගොඩ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දුන් පිරිස් පවා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබානොදීම පිළිබඳ පසුතැවිලි වෙන බවද එහිදී නිමල් ලාන්සා මහතා පැවසීය.

මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීමට ස්ථිරවම හැකියාව පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.