ලබන ඔක්තෝබර් මාසය වන විට අමෙරිකාව තුළ කොවිඩ් නයින්ටීන් මරණ ලක්ෂ දෙකේ සීමාව ඉක්මවනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය විසින් මෙම ඇස්තමේන්තුව සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ඔක්තෝබර් පළමු වන දින වන විට අමෙරිකාව තුළ කොරෝනා මරණ 201,129ක් සිදුවිය හැකි බවට ඔවුන් පෙන්වා දී තිබේ.

ලොව කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ පෙරමුණ ගෙන සිටින අමෙරිකාව තුළ මේ වන විට කොවිඩ් මරණ 118,281ක් සිදුව ඇති අතර ආසාදිතයින්  2,182,864ක් වාර්තා වී තිබේ.