අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ කාන්තාවගෙන් වෙනත් පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

කුවේට් සිට පැමිණි 36 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු හෝමාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණි පසු ඇයට යලි වෛරසය වැලදී ඇති බවට ඊයේ තහවුරු වී තිබුණා. ඒ අනුරාධපුර රෝහලේදී සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණයකදීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙවැනි සිදුවීම් කිහිපයක් පසුගියා කාලයේදී වාර්තා වූ බවයි.

නමුත් මෙවැනි රෝගීන් සම්පුර්ණයෙන් විෂබිජ හරණයකට ලක්ව ඇති බැවින් ඔවුන් ගෙන් වෙනත් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමක් හෝ රෝග පැතිරීමක් සිදුනොවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

මෙම රෝගීන්ගේ ශරිරයන් තුල තිබෙන මියගිය RMA කොටස් නිසයි ඔවුන් යළි රෝගීන් බවට පත්වන්නේ. සාමාන්‍යයෙන් සුවය ලැබූ කොරෝනා රෝගියෙකු රෝහලෙන් පිටව යාමට පෙර දෙවතාවක් ඵ්Cර්‍ පරික්ෂණයට ලක් කරනවා. මෙම කාන්තාවටත් එසේ සිදුකලා, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

මෙම කාන්තාවගේ නිවසේ සිටින සාමාජිකයින් හෝ ආශ්‍රිතයින් නිරෝධායන ක්‍රියාවලියට ලක් කොට නොමැති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා