වැලි සහ පස් ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර අහෝසි කිරීමට බලධාරීන් කටයුතු කිරීම තුළින් දැඩි පාරිසරික හානියක් සිදුවන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ මේ හරහා වැලි සහ පස් ජාවාරම්කරුවන්ට සිය කටයුතු කරගැනීම සඳහා නීතියෙන් තිබූ බාධාවන් ඉවත් කර ඇති බවය.

මෙම තත්ත්වය වහාම නැවැත්වීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි පාරිසරික ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ වැලි සහ පස් ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමවේදය විධිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවය. 

ඒ අනුව ඉදිරියේදී භූවිද්‍යා සහ පතල් කැනීමේ කාර්යංශය මගින් විධිමත් බලපත්‍ර ක්‍රමවේදයක් හදුන්වාදීමට පියවර ගන්නා බව ද අනුර වල්පොල මහතා සඳහන් කළේය.