එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කටයුතු කර ඇති පළාත් පාලන නියෝජිතයින් 99 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මාධ්‍ය සාකච්ඡා පැවැත් වු පළාත් පාලන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් හා වෙනත් පක්ෂයෙන් නාමයෝජනා භාර දුන් නියෝජිතයින් සම්බන්ධයෙන් මෙලෙස විනය ක්‍රියාමාර්ග ගත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඊයේ (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර සිටියේය.

ඉතා කෙටි කාලයක් තුළ ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනිමට හැකියාව ඇතැයි ද පැවසු මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු නැවත පක්ෂය සමඟ එකතු කර ගැනීමට කටයුතු කරන බවද පැවසීය‍.

ඔවුන්ව නැවත පක්ෂයට එක් කර ගැනීමට හැකියාව ඇත්දැයි සොයා බලන බවත් එසේ නොමැති වු විට මෙවැනි ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට සිදුවන බව ද කියා සිටියේය.

මේ අතර, මහ මැතිවරණයට අදාලව ජනතාව දැනුවත්  කිරිමේ පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්න් සෑම ඡන්ද කොට්ඨාසයකම මැතිවරණ රැස්විමක් පැවැත්විමට සැලසුම් කර ඇති බවයි.

කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම අදහස් පල කළේය.