බෝගහකුඹුර, ගුරුතාලාව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්විමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගුරුතලාව, උඩුමාලික්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බෝගහකුඹුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.