මහමැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේය.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දීය.

ජූනි මස 20 වන දින පැවැත් වීමට නියමිතව තිබු මහමැතිවරණය, 2020 අගෝස්තු මස 5 වන දින පැවැත් වෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති  මහින්ද දේශප්‍රිය, සමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර හා සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන අය විසින් මේ බව ඒකමතිකව තීරණය කළ බවද ඒ මහතා පැවසීය.

ඒ සඳහා වු ගැසට් නිවේදනය කොමිසන් සභාවේ සාමාජිකයින් විසින් අත්සන් තබා මේ වන විට රජයේ මුද්‍රණාධිපතිවරයා වෙත යැවු බවද මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කර සිටියේය.