අද වනවිට ලොව පුරා සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන ලක්ෂ 73 ඉක්මවා තිබේ.

වාර්තවන සමස්ත ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව හාරලක්ෂ දහතුන්දහසකට අධිකය.

මේ අතර ජූලි 31 වනදා වන විට ඉන්දියාවේ නව දිල්ලියේ කොවිඩ් ආසාදිතයන් ගණන පමණක් පන්ලක්ෂ පනස් දහස ඉක්මවනු ඇතැයි පැවසේ.

බ්‍රසීලයේ දිනක් තුළ වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන වාර්තා කරමින් ඊයේ (09) එරටින් ආසාදිතයන් 32,091 දෙනෙක් හඳුනාගෙන තිබුණි.

ඒ සමඟ සමස්ත ආසාදිතයන් ගණන 742,084 දක්වා ඉහළ ගියේය.

ඊයේ ලොව  වැඩිම මරණ සංඛ්‍යාවද වාර්තා වුණේ බ්‍රසීලයෙනි.

එම සංඛ්‍යාව 1,272 කි.

ඒ අනුව අද වන විට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 38,497 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් වසංගතය ආක්‍රමණශීලි ලෙස බ්‍රසීලය ගිලගනිමින් පවතින බව පෑන් අමෙරිකන් සෞඛ්‍ය සංවිධානය පවසයි.