අමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාර පොලිස් නිලධාරියා හට අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම දෙකයි පහක ඇප මුදලක් නියම කර තිබේ.

ඔහු පළමු වරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී එම ඇප මුදල ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

චෝදනාවේ බරපතළකම සහ මහජන කෝපය යන හේතූ මත ඇප මුදල අමෙරිකානු ඩොලර් මිලියනයකින් පමණ ඉහළ නංවා තිබේ.

මීනියා පොලිස් නිලධාරී ඩෙරෙක් චව්වින්ට මිනීමැරුම් චෝදනා එල්ල කර ඇති අතර අනෙක් නිලධාරීන් තිදෙනාට මිනිමැරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය  පවසයි.

නිරායුධ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙළ සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු ලොව පුරා රටවල දැඩි විරෝධතා ආරම්භ වී තිබේ.