විදේශීය නෞකාවල සේවයේ යෙදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 236 දෙනකු අද මවුබිමට රැගෙන ඒමට නියමිතයි. 

ජර්මනියේ හැම්බර්ග් නුවර සිට ඔවුන් මව්බිමට රැගෙන එන බව යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ පැවසුවා. 

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 1,206 දරන යානය මේ සඳහා යෙදවීමට නියමිතයි. මෙලෙස පැමිණෙන සියලූ‍ දෙනා පී සී ආර් පරීක්ෂණයට ලක් කරන බවද අනතුරුව ඔවුන් හමුදාවන් යටතේ නිරෝධායනයට යොමු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.