වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නාලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දී ඇත. 

2016 වසරේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. 

ඒ අනුව වරෙන්තුවක් ලබාගෙන වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය වෙතදැනුම් දී තිබේ.