චිලී රාජ්‍යයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වී තිබේ.

මේ වන විට එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 99,688ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

ගතවු පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 3152 ක් වාර්තා වී ඇති අතර මරණ 151 ක් සිදුව තිබේ. 

වෛරසය හේතුවෙන් එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 9930 බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේවෙතත් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ එරට සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් 64,326 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි.