කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුණු තවත් පුද්ගලයින් 27 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. 

ඒ අනුව සුවය ලැබු මුළු ගණන 781 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත සංඛ්‍යාව 1558ක් දක්වා ඉහල ගොස් ඇත.

ඒ ඊයේ දිනය තුළ තවත් රෝගීන් 28 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

මෙරටින් ඊයේ නව කොවිඩි 19 ආසාදිතයන් 28 දෙනෙකු හඳුනා ගත්තේය.

ඔවුන් අතරින් 17 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර අනෙක් 11 දෙනා විදේශවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින්.

තවමත් මෙරට වැඩිම කොවිඩ් ආසාදිත පිරිස වාර්තා වන්නේ නාවික හමුදා සාමාජිකයන් අතරින්.

පළමු ආසාදිත නාවික සෙබළා වාර්තා වූ ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට අද දක්වා ගත වූ දින 38 තුළ වාර්තා වන සමස්ත නාවික හමුදා ආසාදිතයන් ගණන 734 ක්.

එමෙන්ම අද තවත් නාවික සෙබළුන් 15දෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 381 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද පස්වරු 12 වනවිට නිකුත් වී තිබූ දත්තවලට අනුව මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 770 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වෙයි.

එය සියයට 49.42 ක ප්‍රතිශතයක්.

දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 310 දෙනා ප්‍රතිශතයක් ලෙස සියයට 19.90 ක්.

ඔවුන් අතරින් 68 දෙනෙක් වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථානවලින්.

විදේශවල සිට පැමිණ ආසාදිතයන් ලෙස හඳුනාගත් ගණන මේ වන විට 478 ක් ලෙස ඉහළ ගොස් ඇත.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 30.68 ක්.

ඊට විදේශකයින් තිදෙනෙකුද ඇතුළත්.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොව්ඩි නයින්ටීන් රෝගීන් ගණන 1,558 ක්.