ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සොයිසාපුර මාර්ග බාධකයේ රාජකාරී නියුතුව සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබෙනවා. 

ඒ, මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් පිරිසකට ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර මාර්ග බාධකය ඉදිරිපිට පිහිටි හෝටලයක් ඉලක්ක කර වෙඩිතබා පලායාමට ඉඩදීම හා එම සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමේ චෝදනාව  සම්බන්ධයෙන්. 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව මෙම වැඩතහනම සිදුකර තිබෙනවා.
 
මෙම හෝටලයේ හිිමිකරුගෙන් මැර කල්ලියක් කප්පම් ඉල්ලා ඇති අතර ඊට ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. 

සැකකරුවන් විසින් හෝටලය දෙසට වෙඩි ප‍්‍රහාර එල්ල කරන ආකාරය ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවල ද සටහන් වී තිබෙනවා.