සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබාදුන් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව අනුමත කළා.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මුලස්ථානයේදී අද රැස් වූ අතර එහිදී මෙම තීරණයට එළඹ තිබෙනවා.

මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිඳු ගිවිසුමකට එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ දන්වා ඇති බවත් සඳහන්.