කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හමුවේ පනවන ලද සීමාවන් ලිහිල් කිරීමට ඕමානය තීරණය කර තිබේ.

 එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ලබන 29වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් සමාජය තුළ හැසිරීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ඕමාන රජය පෙන්වා දී තිබේ. 

එමෙන්ම කාර්යාල වෙත සියයට 50ක පමණ සේවක සංඛ්‍යාවක් පමණක් ගෙන්වා ගන්නා ලෙස ආයතන වෙත දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඕමානයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 8373දෙනෙකු හදුනාගෙන ඇති අතර මරණ 38 ක් සිදුව තිබේ.