ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ 45,000 ඉක්මවා ගොස් තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 6535 දෙනෙකු හදුනාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 45,380 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ල වූ රටවල් අතර දසවන ස්ථානයේ පසුවන ඉන්දියාවේ වෛරසය හේතුවෙන් මරණ 4167 ක් සිදුව තිබේ.

මහාරාෂ්ට්‍ර, ගුජරාට්, තමිල්නාඩු සහ දිල්ලි වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වූ ප්‍රදේශ අතරට අයත් වෙයි.