සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන මේ වන විට පනස් පන් ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

ලොව පුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස් හයදහසකට අධිකයි.

මේ අතර අමෙරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂයට ආසන්න වී ඇත.

වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලවූ රට ලෙස තවමත් ඉදිරියෙන් සිටින්නේ අමෙරිකාවයි.

එරට සමස්ත ආසාදිතයන් ගණන දහසය ලක්ෂ අසූදහස ඉක්මවමින් ඊයේ එරටින් නව ආසාදිතයන් 19,608 දෙනෙක් හඳුනාගෙන තිබුණි.

සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂයට ආසන්න වෙමින් ඇති එරටින් ඊයේ දිනෙය්දී වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 617 ක්.

මේ අතර පසුගිය දින 14 තුළ බ්‍රසීලයේ සංචාරය කළ පුද්ගලයන්ට අමෙරිකාවට  පැමිණීම තහනම් කිරීමට ධවල මන්දිරය පියවර ගෙන තිබේ.