කුවේට්හි සේවයේ නියුතුව සිටියදි මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වාගත් ශ්‍රි ලාංකික ශ්‍රමික පිරිස අතරින් ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් හදිසියේ රෝගාතුරවි රෝහල් ගත කරද්දි අද (25) අලුයම මියගොස් ඇතැයි ත්‍රිකුණාමලය රෝහල් පොලිසිය කියයි.

මියගිය කාන්තාව පයාගල පදිංචි 52 හැවිරිදි වියේ පසුවන්නියක් වන අතර හදිසියේ රෝගාතුරවු මෙම කාන්තාව යුධ හමුදාව විසින් රෝහලට රැගෙන යද්දි මිය ගොස් තිබු අතර මේ සම්බන්ධයෙන් යුධ හමුදාව චීනවරය පොලිසිය වෙතට දැනුම් දි තිබේ.

මේ අතර මෙම කණ්ඩායම සමග කුවේට් සිට පැමිණි චිනවරාය යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින්සිටියදි කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කල කාන්තාවන් දෙදෙනෙකු කාත්තන්කුඩි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොරෝනා ආසාදිතයන් බවට ඊයේ (24) හදුනාගනු ලැබ තිබෙන බවයි වාර්තාකරු සඳහන් කලේ.