පේරු රාජ්‍යය සම්පූර්ණයෙන් වසා දැමීමේ කාලය ලබන මස 30 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

එරට ජනාධිපති මාටින් විස්කාරා ප්‍රකාශ කළේ ජාතික හදිසි තත්ත්වය ලබන සඳුදා සිට ජුනි මස 30 වන දින දක්වා තවදුරටත් දීර්ඝ කරන බවයි.

පසුගිය මාර්තු මස 15 වනදා සිට එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණි.

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීම හේතුවෙන් පේරු රාජ්‍යය මාස 3 හමාරක පමණ කාලයක් හදිසි තත්ත්වයන් යටතේ පවත්වා ගෙන යාමට සිදුව තිබේ.

එරටින් මේ වන විට ආසාදිතයන් එක් ලක්ෂ 12,000 ක් පමණ වාර්තා වී ඇති අතර පුද්ගලයන් 3000 කට අධික පිරිසක් මියගොස් තිබේ.