නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යළි මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් ගෙන්වා ගන්නේ විධිමත් ක‍්‍රමවේදයකට අනුව බව රජය පවසනවා. 

මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ ද විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී වැදගත් සාධකයක් වන බවයි ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේ.

මේ අතර මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්  ඕස්ටේ‍්‍රලියාවේ රැඳි සිටින තවත් ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් ලබන 29 වනදා දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.