ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම 26 වන අඟහරුවාදා උදෑසන 10 තෙක් කල් තබා තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද(22) පස්වන දිනටත් පෙත්සම් කැඳවනු ලැබීය.

අදාළ පෙත්සම් බලා වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද පෙරවරුවේ වැඩිදුරටත් කරුණු දැක්වීම ආරම්භ කළේය.