සියළුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ‍්‍රාම යන වයස් සීමාව අවුරුදු 61 ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. 

සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

රජයේ වෛද්‍යවරු වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු මීට පෙර විශ‍්‍රාම යායුතුව තිබුණා. කෙසේවෙතත් විශේෂඥ වෛද්‍යවරුන්ට වයස අවුරුදු 63 ක් දක්වා සේවය කළ හැකියි.