හෝමාගම ප‍්‍රදේශයේදී ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සදහා ශී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන සිය අප‍්‍රසාදය පළ කර තිබෙනවා. ඒ සිය නිල ට්විටර් ගිනුම හරහා සටහනක් තබමින්. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට පවතින කී‍්‍රඩාගණවලදී ද ශී‍්‍ර ලංකාව ප‍්‍රමාණවත් ජාත්‍යන්තර සහ පළමු පෙළ දේශීය තරග කී‍්‍රඩා නොකරන බවයි.

මේ හේතුවෙන් තවත් ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයක් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය දැයි මහේල සිය ට්විටර් සටහන හරහා ප‍්‍රශ්න කර සිටිනවා.

හෝමාගම ප‍්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාගණය ආසන 60,000කින් සමන්විතයි. පළමු අදියරේදී ආසන 40,000ක් ද දෙවන අදියරේදී තවත් ආසන 20,000 එම කී‍්‍රඩාංගණයට එක් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. 2024 වසරේදී ඉදි කිරීමී අවසන් කිරීමට සැලසුම් කර ඇති මෙහි ඉදිකිරිම් සදහා අමෙරිකානු ඩොලර් මිලියන 30 ත් 40ත් අතර මුදලක් වැයවෙනු ඇති.

කෙසේවෙතත්, එම කි‍්‍රඩාංගනය ඉදිවන හෝමාගම දියගම ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළේ මෙය ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සහ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සතු මුදල්වලින් පමණක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.