සමාජ මාධ්‍ය ඔස්සේ LTTE ත‍්‍රස්ත සංවිධානය ප‍්‍රවර්ධනය කරමින් විදෙස්ගතව සිටින LTTE හිතවාදීන්ගෙන් මුදල් ලබාගන්නා මුතූර් ප‍්‍රදේශයේ පුද්ගලයින් කණ්ඩායමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

එම කණ්ඩායම සම්බන්ධයෙන් මුතූර් ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “ඔහු කටයුතු කරන්නේ LTTE විදිහටයි. එම සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන ෆේස්බුක් පෝස්ට් දානවා. කවුරුත් ඔහුව නවත්වන්නේ නෑ. ඔහුට විදෙස් රටවලින් ආධාර ලැබෙනවා. පොලිසිය අවුරුදු 2ක් තිස්සෙ මුකුත් කරන්නේ නෑ. එනවා ලියා ගන්නවා යනවා.. එච්චරයි.” යනුවෙනි.

මේ පිළිබඳ පොලීසිය දැනුවත් කළ ද මෙතෙක් ඔවුන් සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්යක් ගෙන නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.