එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව ලැබූ යුධ ජයග්‍රහණය සමරන අද දිනයේ මෙරට වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාරක සංසදය ප්‍රකාශ කර සිටිනවා.

එම සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවින්ද්‍ර මීගස්මුල්ල ප්‍රකාශ කර සිටියේ අදාළ සයිබර් ප්‍රහාරයන් එල්ලවූ වෙබ් අඩවි වලට අවශ්‍ය උපදෙස් මේ වන විටත් ලබාදී ඇති බවයි.

මැයි මස 18 වෙනිදා ඉලක්ක කර ගනිමින් මිට පෙර වසර වලදීද එල්.ටි.ටි.ඊ. හිතවාදීන් විසින් සයිබර් ප්‍රහාර එල්ල කරනු ලැබිය.

පරිගණක හදිසි ප්‍රතිචාරක සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවින්ද්‍ර මීගස්මුල්ල ප්‍රකාශ කර සිටියේ ඉකුත් වසරේදී වෙබ් අඩවි 10 කට මේ අයුරින් සයිබර් ප්‍රහාරයන් එල්ලවූ බවයි.