එක්සත් රාජධානියේ අද වන විට කොවිඩ් මරණ 32,769 ක් වාර්තා වී තිබේ.

කෙසේ නමුත් විශේෂ වාර්තාවක් එලිදක්වන bbc මාධ්‍ය ජාලය පවසන්නේ, එරට සත්‍ය කොවිඩ් මරණ ගණන රජයේ සංඛ්‍යාලේඛන ඉක්මවමින් 50 000ක් පමණ විය හැකි බවයි.

එක්සත් රාජධානියට අයත් රටවල් හතර, ආකාර කිහිපයක් යටතේ දත්ත රැස්කිරීම හේතුවෙන් සිදුවූ මරණ ගණන නිසිලෙස ගණන් බලා නොමැති බවද එම වාර්තා මගින් පෙන්වා දෙයි.

මේ අතර ලෝක හෙද දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය චරිත රැසක් එක්ව, නිර්මාණය කළ වීඩියෝවක් ලොව පුරා කාගේත් අවධානය දිනාගෙන තිබුණි.

කොවිඩ් මර්දන සටනේදී සෞඛ්‍ය අංශ දක්වන මෙහෙවර ඇගයීමට මෙම වීඩියෝවේ අපේක්ෂාව වුණි.