මාතර, දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (13) දින ගින්නක් හටගෙන තිබේ.

අද පෙරවරු 06.00ට පමණ හටගෙන ඇති අතර දෙයින්දර පොලිසිය විසින් ගින්න මැඩ පවත්වා ඇත. 

මෙම ගින්නෙන් ලේඛනාගාරයේ ලිපි ලේඛන රැසකට හානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දෙයියන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.