SL win series with a ball to spare

එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ජය ගනී/SL win series with a ball to spare.

එංගලන්තය සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 100ක තියුණු ජයක් හිමි විය.

ඒ, තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී එංගලන්ත අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩර්සන් දැවී යාමත් සමග ය.

මෙම තරගය ජය පරාජයෙන් තොරව නිම කිරීමට එංගලන්තයේ මොයීන් අලි සහ අවසන් පිතිකරු ජේම්ස් ඇන්ඩර්සන් ඉමහත් වෙහෙසක් දැරූහ.

අද දිනයේදී සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කළ මොයීන් අලි ලකුණු 108ක් රැස් කළේ, පන්දු 287කට මුහුණ දෙමිනි.

මෙම ඉනිමේ සුවිශේෂී සිදුවීම වූයේ, අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි ජේම්ස් ඇන්ඩර්සන්ගේ විශිෂ්ට ඉනිම ය.

ඔහු පන්දු 55කට මුහුණ දෙමින් සිය කඩුල්ල ආරක්ෂා කරගෙන මොයීන් අලීට සහය වූයේ, කිසිදු ලකුණක් ලබා නොගනිමිනි.

කෙසේ වෙතත්, තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී  රංගන හේරත් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් ජේම්ස් ඇන්ඩර්සන් දැවී ගියේ ය.

මෙහිදී ධම්මික ප්‍රසාද් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.

තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට හිමි විය.

Sri Lanka 257 (Sangakkara 79, Plunkett 5-64) and 457 (Mathews 160, Jayawardene 79, Sangakkara 55, 4-112) and England 365 (Robson 127, Ballance 74, Bell 64, Mathews 4-44, Eranga 4-93) and 249 (Moeen 108*, Prasad 5-50) by 100 runs

Sri Lanka won when they had almost abandoned hope. From the penultimate ball of a gripping final day, Shaminda Eranga found a hostile delivery to bring their first series win in England. James Anderson, who could only fend it to the leg side in self-preservation, dropped to his haunches in despair. Moeen Ali’s immense maiden Test century was briefly forgotten, submerged beneath an ecstatic Sri Lankan celebration.