පැල්මඩුල්ල ප්‍රදේශයේ දී විදුලි මනු කියවන නිලධාරියෙකුට පහර දීම හෙලා දකින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ (12) රාත්‍රියේ දී එම සිද්ධිය විදුලිබල මණ්ඩලයේ නිලධරින් විසින් සැළ කළ වහාම අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දෙන ලද්දේ මෙම පහර දීම සම්බන්ධව විධිමත් විමර්ශනයක් කරන ලෙසත් පහර දුන් පුද්ගලයාට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා ලෙස ඉල්ලා පොලිස්පතිතුමාට ලිපියක් යවන ලෙසයි. 

රාජ්‍ය සේවකයෙකුට රාජකාරිය අවස්ථාවේ මේ අන්දමින් පහර දීම වැරදි පූර්වාදර්ශයක් ලබා දිය හැකි බැවින් ක්ෂේත්‍රය තුළ කටයුතු කරන සියලු රාජ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක් බවත් අමාත්‍යවරයා පවසයි.

සේවා සැපයීමට පැමිණි රාජ්‍ය සේවකයෙකුට පහර දීමට කිසිවෙකුට නිතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.