එක්සත් රාජධානියේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 32,065 දක්වා ඉහළ දමමින් ඊයේ එරටින් මරණ 210 ක් වාර්තා වුණි.

මේ අතර කොවිඩ් වෛරසය සඳහා එන්නතක් සොයාගැනීමට බ්‍රිතාන්‍යයට හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන නමුත් ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලබාදිය නොහැකි බව අගමැති බොරිස් ජොන්සන් පවසයි.

ඉතාලියෙන් ඊයේ දිනයේදී කොවිඩ් මරණ 179ක් වාර්තා වී ඇති අතර ස්පාඤ්ඤයෙන් ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 123 ක්.

ප්‍රංශයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ එරටින් මරණ 263 ක් වාර්තා වී ඇත.

අසල්වැසි ඉන්දියාවෙන් ගතවූ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 3,607 ක් හඳුනාගත් අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 82 ක්.

මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීමේදී අතිශයින් සුපරික්ෂාකාරී විය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

සති අන්තයේදී බොහෝ රටවල් සංචරණ සීමා ලිහිල් කිරීම නිසා ආසාදිතයන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.