කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අප්‍රිකානු මහද්වීපයෙන් මේ වන විට ආසාදිතයන් 64,000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇත.

වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 2,293 ක්.

මේ අතර උප සහරාන් අප්‍රිකානු රටවල් කොවිඩ් වසංගතය සමග තවත් අර්බුදයකට මුහුණ පා සිටියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය සමඟ එච් අයි වී ආසාදිතයන්ට සපයන සෞඛ්‍ය සේවා අඩාලවුවහොත් එම කලාපයේ ඒඩ්ස් මරණ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යනු ඇති බවයි.

මේ අතර ඝානාවේ මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තශාලාවකින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 533 දෙනාටම වෛරසය සම්ප්‍රේශණයවී තිබුණේ එක් පුද්ගලයෙකුගෙන් බව එරට ජනාධිපතිවරයා පවසයි.