සහල් සඳහා උපරිම මිලක් නියම කර තිබුණත් ඒ බව නොසලකා ඇතැම් වෙලදුන් වැඩි මිලිට සහල් අලෙවි කරන බවට ප‍්‍රදේශ රැසකින් තවදුරටක් පැමිණිලි ලැබෙනවා. 

සහල් හිගයක් මවා පෑම සඳහා තොග සගවා තබන වෙළදුන් පිළිබඳවද පැමිණීලි ලැබෙන බවයි ක්ෂේත‍්‍ර චාරිකාවන්හි යෙදුනු 
නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන්ද විමසීමක්ද කළා. ඔවුන් පැවසුවේ තොග සගවා තබන සහ වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන් සොයා රට පුරා වැටලීම් සිදුකරන බවයි. 

ඇතැම් මෝල් හිමියන්ද කූඨ ලෙස කටයුතුු කරමින් ඇතැයි නෙත් නිවුස් වෙත වර්තා වුණා. සහල් සඳහා උපරිම මිලක් නියම කෙරුණු ගැසට් නිවේදනය දැන් බල රහිත කර ඇතැයිද පවසමින් ඔවුන් වැඩිම මිලට සහල් අලෙවි කරන බවයි ක්ෂේත‍්‍ර චාරිකාවන්හි යෙදුනු නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

අදාල ගැසට් නිවේදනයට අනුව සුදු හෝ රතු  කැකුළු සහල් අලෙවි කළ හැකි උපරිම මිල කිලෝ් ග්රැම් 01 රුපියල් 85ක් වනවා. සුදු හෝ රතු සම්බා සහල් ද සුදු හෝ රතු නාඩු සහල්ද කිලෝ් ග්රැම් 01 අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 90ක්. 

කීරි සම්බා කිලෝ් ග්රැම් 01ක උපරිම මිල රුපියල් 125ක් වනවා.

මේ අතර කහ වැඩි මිලට අලෙවි කරන්නන් සම්බන්ධයෙන්ද තව දුරටත් වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පැවසුවේ.

ඇතැම් ප‍්‍රදේශවල කිලෝ ග්රැම් 01 රුපියල් 3,000ක් වැනි මිලකට කහකුඩු අලෙවි කරන  බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එහෙත් කහකුඩු සඳහා නියම කර ඇති උපරිම මිල කිලෝ ග්රැම් 01 රුපියල් 750ක් පමණයි.