විවිධ අවශ්‍යතා සඳහා පැමිණි විදේශීකයන් 11,000ක් පමණ ශී‍්‍ර  ලංකාවේ තවදුරටත් රැදී සිටින බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසනවා. 

කෙසේවෙතත් ශී‍්‍ර ලංකාවට ගෙන්නා ගන්නා ලෙස ඉල්ලීම් කරන විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් යලි ගෙන්වා ගැනීම තවදුරටත් සිදුවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

විදෙස්ගතව සිටි ශී‍්‍ර ලාංකිකයන් 3,297 දෙනෙකු එලෙස ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගෙන ඇති බව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී ප‍්‍රකාශ වූණා.  

ඉන්දියාවේ චෙන්නායිහි සිර වී සිටි ශී‍්‍ර ලාංකිකයන් පිරිසක් අදත් ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතයි.