ඉරාන නාවික හමුදාවට අයත් යුධ නැවක් විසින් අත් වැරදීමකින් සිය හමුදාවට අයත් තවත් නෞකාවකට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් එම නෞකාව විනාශ වී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් අදාළ නෞකාවේ සිටි නැවියන් 20 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. පර්සියානු ගල්ෆ් මුහුදු තිරයේදී සිදු කරමින් තිබු යුධ අභ්‍යාසයක් අතරවාරයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

Jamaran නම් මෙම යුධ නෞකාව විසින් එල්ල කළ 4 C-802 වර්ගයේ ප්‍රති නෞකා නාශක මිසයිල ප්‍රහාරයකින් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය එල්ලවූ Konarak නම් නෞකාවේ 40 දෙනෙකු ගෙන් යුත් නැවියන් පිරිසක් සේවය කළ බවයි මුලික වාර්තා වලින් දැක්වෙන්නේ. අනතුරෙන් තුවාල ලැබූ නාවික සෙබළුන් කිහිප දෙනෙකු ධිවර යාත්‍රා මගින් බේරා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.