කොළඹ සහ අවට ප‍්‍රදේශවල ප‍්‍රධාන මාර්ග රැසක මේ වන විට වාහන තදබදයක් පවතිනවා.

කෙසේවෙතත් මගී ප‍්‍රවාහන බස් රථ ධාවනය වන්නේ අඩු සංඛ්‍යාවක්. ඒ අනුව මාර්ගවලට වැඩි වශයෙන් ඇතුළු කර තිබෙන්නේ පෞද්ගලීක වාහන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ඇතැම් මං සන්ධිවල වාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන්ද සේවයේ යෙදී සිටනවා.

කොළඹ සහ අවට ප‍්‍රදේශවල ප‍්‍රධාන මාර්ග රැසක මෙලෙස වාහන තදබදයක් පවතින්නේ කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවලට ඇඳිරි නිතිය තවදුරටත් පනවා තිබියදීම වීම විශේෂත්වයක්.  

මේ අතර අධිවේගී මාර්ගද මේ වන විට විවෘත කර තිබෙනවා. කෙසේවෙතත් අධිවේගී මාර්ග භාවිත කළ හැක්කේ පොලිස් පරීක්ෂා කිරීම්වලින් පසු අවසර ලැබෙන වාහනවලට පමණක් බවයි මාර්ග සංවර්ධන අධිකාරීය පවසන්නේ.