කෙත්හේන ජල පවිත‍්‍රාගාරයෙන් ජලය සැපයෙන ප‍්‍රදේශ කිහිපයකට හෙට (12) උදෑසන 08.00 සිට පස්වරු 06.30 දක්වා පැය 10කට වැඩි කාලයන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර දකුණ, කළුතර උතුර, කටුකුරුන්ද, නාගොඩ සහ පයාගල එලෙස ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ කිහිපයක්.

පිළමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කලූවාමෝදර, අලූත්ගම, දර්ගා නගරය සහ බෙංතොට යන ප‍්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ඇති.

ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් කෙත්හේන ජල පවිත‍්‍රාගාරයට විදුලි සැපයුම අත්හිටුවීම නිසා මෙම ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.