කොවිඩ් නයින්ටීන් අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය සුදානම් වෙයි.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද පැවැත්වෙන මාධ්‍ය සාක්ච්ඡාවේ දි ඒ පිළිබද කරුණු අනාවරණය කිරිමට නියමිතයි.

බ්‍රිතාන්‍යයේ සංචරණ සීමා ලිහිල් කිරිම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා කරුණු දැක්වීමට නියමිත අතර ඒ අනුව පුද්ගලයන්ට දිනකට එක්වරක් එළිමහනේ ව්‍යායාම සඳහා අවස්ථාව ලබා දිමටත් උද්‍යාන යළි විවෘත කිරිමටත් අවසර හිමිවනු ඇති.

කොවිඩ් නයින්ටීන් වසංගතය මර්ධනය සම්බන්ධයෙන් නව තේමා පාඨයක් ප්‍රකාශයට පත් කිරිමට ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සුදානම් වන බවට වාර්තා වෙයි.

විමසිල්ලෙන් සිටින්න – වෛරසය පාලනය කරන්න – ජීවිත බේරගන්න යන්න නව තේමාපාඨය වනු ඇති.