කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ පාලනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරිමට බලධාරින් තීරණය කර ඇත.

ඒ අනුව ලබන 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදියර තුනක් යටතේ එම සීමාවන් ඉවත් කිරිමට  ප්‍රාන්ත බලධාරින් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔස්ට්‍රේලියාවේ විශාලතම ප්‍රාන්තය වන නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව එරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවෙන්  සියයට 45ක පමණ ප්‍රතිශතයක් වෙයි.

ඔස්ට්‍රේලියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 6939ක් සහ මරණ 97ක් වාර්තා වී ඇති අතර මේ වන විට ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.