නව කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කොට සිටි පුද්ගලයින් 61ක් දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

කොරෝනා ආසාධනය වී සුවය ලබා එක් දිනක් තුලදී රෝහලෙන් පිටව ගිය වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය වනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 321ක් වනවා.

මෙරට වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 847ක් වන අතර මේ වන විට රෝහල් ගත කොට සිටින රෝගීන් සංඛ්‍යාව 517ක් වනවා.