ඇතැම් පිරිස් තවදුරටත් ඇඳිරි නීති බලපත‍්‍ර අවභාවිත කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසනවා.

අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවා ඇති ඇතැම් පිරිස් සිය සේවා හැඳුනුම්පත උපයෝගී කරගනිමින් පවුලේ හිතවතුන් සඳහා ප‍්‍රවාහන පහසුකම් සැපයීමේ කටයුතුවල නිරත වී සිටින බවයි පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.