නව කොරෝනා වෛරසයේ පැතිර යාම පාලනය කිරීමට ශී‍්‍ර ලංකාවේ පාරිසරික තත්ත්වයන් හා ආහාර පුරුදුද හේතුවක් වන බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා.

බීසීජී එන්නත ලබා දෙන රටවල කොරෝනා වෛරසය පැතිර යාම අඩු බවත්, ශී‍්‍ර ලංකාවේ වෛරස ව්‍යාප්තිය පාලනයට එය ද හේතුවක් වූ බවටත් පලවන මත පිලිගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු තවදුරටත් පවත්වාගෙන යායුතු බවද වෛද්‍ය චන්න ජයසුමන කියා සිටියා.

බස්නාහිර පළාතේද නව කොරෝනා ව්‍යසනය පාළනයකට යටත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. කෙසේ වෙතත් සුපරික්ෂාව තවදුරටත් අත්‍යාවශ්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ.

අවධානම් කණ්ඩායම් තෝරා ගෙන තවදුරටත් පී සිී ආර් පරීක්ෂණ සිදු කෙරෙනවා. මේ වන විට දෛනිකව සිදු කරන පී සී ආර් පරීක්ෂණ ගණන 1,500කට ආසන්නයි.

අවශය වුවහොත් මෙම සංඛ්‍යාව 3,000 දක්වා වැඩි කිරීමට හැකියාව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.