රට තුළ පවතින තත්ත්වය හමුවේ ජීවනෝපාය අහිමිවූ පිරිස් වෙත රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම යටතේ අභියාචනා සලකා බැලීම මේ දිනවල සිදු කෙරෙනවා.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි සදහන් කර තිබෙන්නේ, අදාළ දීමනාව ලබා දීමේදී ආවරණය නොවූ ක්ෂේත‍්‍ර ද හඳුනාගනිිමින් එම දීමනාව නොලැබුණු තවත් පිරිසකට එය ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.

දැනට රුපියල් 5000 ස ලබා දීමේ කණ්ඩායම්වලට ඇතුළත් නොවන පිරිස් පිළිබඳවත් සලකා බලමින් කටයුතු කරමින් ඇති බවද සදහන්.