ඊයේ (26) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනා ගෙන් 53 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

යුධ හමුදාපතිවරයා සඳහන් කලේ මෙලෙස වාර්තා වූ නාවික හමුදා නිලධාරින් ගෙන් 16 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරු තුලින්ද 37 දෙනෙක් පිටතදී ද හමුව ඇති බවයි.

ඊයේ දිනය වන විට නව කොරෝනා වෛරසය වැළදුණු ආසාධිතයින් සංඛ්‍යාව 523ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියා.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනෙක් වාර්තා වී ඇති අතර එක් දිනක්‌ තුලදී වාර්තා වූ වැඩිම ආසාධියින් සංඛ්‍යාව මෙය වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.