පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළේදී සාම්පල ලබා ගැනුනු කිසිවෙකුට හෝ නව කොරෝනා ආසාධනය වී නැතැයි PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ පුද්ගලයින් 529 දෙනෙකුගෙන් සෙම සාම්පල ලබා ගෙන තිබුණු බවයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළෙන් මාළු මිලදී ගෙන ප‍්‍රාදේශීයව අලෙවි කළ පිලියන්දල ප‍්‍රදේශයේ මාළු වෙලෙන්දෙකුට නව කොරෝනා ආසාධනය වී ඇතැයි මීට පෙර තහවුරු කර ගැණුනා. ඒ අනුවයි පැලියගොඩ මත්ස්‍ය වෙළදපොළේ ගැවසෙන සෙසු අයගෙන්ද PCR පරීක්ෂණ සඳහා සෙම සාම්පල ලබා ගැණුනේ.