කොළඹ සිට ලොරි රථවල නැග රහසිගතව යාපනය වෙත පැමිණි බවට අනාවරණය වූ පිරිස හඳුනාගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයින් 07 දෙනා ඊයේ (22) සවසම මෙලෙස ආරක්ෂක අංශ මගින් හඳුනාගෙන ඇති අතර ඔවුන් ස්වයං නිරෝධායනය වෙත යොමුකොට තිබෙනවා.

යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති සඳහන් කළේ ඔවුන් පිළිබඳව නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ඇති බවයි.

කොළඹ ප්‍රදේශයේ කුලී වැඩ සඳහා පැමිණ සිටි පිරිසක් මෙලෙස රහසිගතව ලොරි රථවල නැග යාපනය වෙත පැමිණ තිබුණා.