වැඩිම කොරෝනා වෛරසය ආසාධනය වූ පිරිසක් වාර්තා වූ කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පදිංචි පවුල් 242කට අයත් පුද්ගලයින් 1,010 දෙනෙක් යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට එම පිරිස් අදාළ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ 12, බණ්ඩාරනායක මාවතෙන් මේවන විට කොරෝනා ආසධිතයින් 57 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් 32 දෙනෙක් ඊයේ දිනයේදී සොයා ගනු ලැබුවා.